2023 වසරේ පැවැත්වෙන G-7 අමාත්‍ය මණ්ඩල රැස්වීම් මාලාව සඳහා ස්ථාන අනුමත කෙරේ


G7 සමුළුව සඳහා රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශ නම් කෙරේ

.

එළැඹෙන වසරේ ජපානයේදී පැවැත්වීමට නියමිත G-7 අමාත්‍ය මණ්ඩල රැස්වීම් මාලාව සඳහා වන යෝජිත ස්ථාන සියල්ලක්ම සිකුරාදා දිනය තුළදී ජපානය විසින් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ. 

 

දෙවන ලෝක සංග්‍රාමයේ අවසන් දිනවලදී ජපානය ඉලක්ක කර ගනිමින් හෙළන ලද පරමාණු බෝම්බවලින් විනාශයට පත්වූ ජපාන නගර දෙකෙන් එකක් වන Hiroshima හිදී සමුළුව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මෙහිදී යෝජිත අනෙකුත් ස්ථාන 14 ඇතුළත් ලැයිස්තුව පහත පරිදි වේ. 

 

විදේශීය - Karuizawa ප්‍රදේශය: Nagano ප්‍රාන්තය 

 

මූල්‍ය - Niigata ප්‍රදේශය: Niigata ප්‍රාන්තය 

 

විද්‍යාව, තාක්ෂණය - Sendai ප්‍රදේශය: Miyagi ප්‍රාන්තය 

 

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය - Nikko ප්‍රදේශය: Tochigi ප්‍රාන්තය 

 

අභ්‍යන්තර කටයුතු, ආරක්ෂාව - Mito ප්‍රදේශය: Ibaraki ප්‍රාන්තය 

 

ඩිජිටල් තාක්ෂණය - Gunma ප්‍රාන්තය 

 

වෙළඳාම - Osaka ප්‍රාන්තය 

 

අධ්‍යාපනය -- Toyama සහ Ishikawa ප්‍රාන්ත 

 

සෞඛ්‍යය - Nagasaki ප්‍රදේශය: Nagasaki ප්‍රාන්තය 

 

ශ්‍රමය , රැකියා - Kurashiki ප්‍රදේශය: Okayama ප්‍රාන්තය 

 

කෘෂිකර්මය -- Miyazaki ප්‍රදේශය: Miyazaki ප්‍රාන්තය 

 

දේශගුණය, බලශක්තිය සහ පරිසරය - Sapporo ,

ප්‍රදේශය:  Hokkaido ප්‍රාන්තය 

 

ප්‍රවාහනය - Shima ප්‍රදේශය: Mie ප්‍රාන්තය 

 

සහ 

 

නාගරික - Takamatsu  Kagawa ප්‍රාන්තය

 

 

102 Views

Comments