Saitama ප්‍රාන්තයේ Nishi Ward හි Omiya Hana-no-Oka කෘෂිකාර්මික හා වන විද්‍යා උද්‍යාන භූමිය තුළ දීප්තිමත් රතු පැහැයෙන් යුතු සැල්වියා මල් යායක් දක්නට ලැබෙන අතර උද්‍යානයේ පාලක මණ්ඩලයට අනුව, වර්ග මීටර 6,600 ක් පමණ වන ක්ෂේත්රයක් ආවරණය වන පරිදි සැල්වියා පැල 33,000 ක් පමණ මෙහි වගා කර තිබේ.
පසුගිය අගෝස්තු මැද භාගයේ සිටම ප්‍රදේශයට බලපෑ කාලගුණය ඉතා සෞම්‍ය එකක් වූ බැවින්, පැළ සියල්ලක්ම පැහැදිලිව හොඳින් වර්ධනය වී ඇති අයුරු දක්නට ලැබෙන අතර මෙම මස අග භාගය දක්වා වූ කාල සීමාව මල් නැරඹීම සඳහා හොඳම කාල සීමාව ලෙස දක්වා ඇත.
එමෙන්ම මෙම උද්‍යානය භූමිය තුළ සුපිෂ්පිතව තිබෙන Spider ලිලී මල්, Cosmos සහ Kochia මල් ද නරඹන්නන් හට දැකබලා ගත හැකි වන අතර සැප්තැම්බර් මාසය අවසන් වනතුරු සෑම දිනකම පෙරවරු 7.30 සිට සන්ධ්‍යාවේ 7 දක්වා ලොකු කුඩා සියලු දෙනා හට නොමිලේ උද්‍යාන භූමිය වෙත පිවිසිය හැකි වේ.