ළදරු කිරිපිටි සම්බන්ධ නොමනා වෙළඳ දැන්වීම්


ළදරු කිරිපිටි නිෂ්පාදකයන් ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා නොමනා වෙළඳ දැන්වීම් භාවිතා කරන බව පවසමින්  එක්ස

.

ළදරු කිරිපිටි නිෂ්පාදකයන් ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා නොමනා වෙළඳ දැන්වීම් භාවිතා කරන බව පවසමින්  එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ට චෝදනා එල්ල කර තිබේ.

 

දරුවන් අපේක්ෂා කරමින් සිටින දෙමව්පියන් සහ අලුත් ඉපදුන බිලින්දන් සහිත දෙමව්පියන්  ඉලක්ක කර ගනිමින් සිදුවන formula කිරිපිටි සම්බන්ධ මෙම නොමනා වෙළෙඳ ප්‍රචාර කටයුතු හේතුවෙන්  බොහෝ පිරිසක් නොමඟ යමින්  අයහපත් සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ .

 

ඔවුන් නිකුත් කර ඇති වාර්තා අනුව ලොව පුරා ඩොලර් බිලියන 55 ක පමණ වටිනාකම් දරන කිරිපිටි සමාගම් වාර්ෂිකව  ඔවුන්ගේ මේ ප්‍රබල  වෙළඳ දැන්වීම් කටයුතු සඳහා ඩොලර් බිලියන 5ක් පමණ වැය කරයි.මේ හේතුවෙන් ළදරුවන්ට සුදුසු  කිරි වර්ගය කුමක්දැයි තෝරා ගැනීමේ තීරණය පිළිබඳව දෙමව්පියන් ගේ අදහස් වික්ෂිප්ත වන බව එක්සත් ජාතීන් ගේ අදහසයි.

 

කෙසේ නමුත් ඔවුන් පවසා සිටින්නේ මව්කිරි තරම්  දරුවන්ට වෙනත් සුදුසු වටිනා පානයක්  නොමැති බවයි.

Comments