තම බිරිඳ සහ දරුවන් දෙදෙනා ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවේ සිටියදී මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරේ


තම බිරිඳ හා දරුවන් ඝාතනය කළ පුද්ගලයා මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරෙයි

.

Nagoya ප්‍රාන්තයේ Fuso ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුළදී තම බිරිඳ සහ දරුවන් දෙදෙනා ඝාතනය කළ බවට සැකපිට Daisuke Tanaka නම් 42 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු නඩු විභාගයට පෙනී සිටීමට තරම් ස්ථායී මානසික මට්ටමක සිටින්නේද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා ජනවාරි 13 දක්වා මාස තුනක කාලය තුළදී මනෝචිකිත්සක පරීක්ෂණයකට භාජනය කිරීමට Nagoya හි නඩු පවරන්නන් විසින් තීරණය කර තිබේ. 

 

Tanaka පසුගිය අගෝස්තු 13 වෙනි දින සිය නෑදෑයන් සමඟ පොලිස් ස්ථානය වෙත පැමිණ ඇති අතර එහිදී  තම බිරිඳ වූ 42 හැවිරිදි Tomoko, 9 හැවිරිදි දියණිය වූ Chiyu සහ 6 හැවිරිදි පුත් Tora ඝාතනය කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. 

 

සිය බිරිඳ සමග ඇතිවූ ආරවුලකින් පසුව අධික කෝපය පාලනය කර ගත නොහැකිව හුස්ම හිර කොට ඇයව මරා දැමූ බවත් අනතුරුව දියණියගේ පපුවට පිහියෙන් ඇන, පුතාගේ හුස්ම හිර කර මරා දැමූ බවත් පවසමින් ඔහු සියල්ල පාපොච්චාරණය කළ බව පොලීසිය මෙහිදී කියා සිටි අතර සැකකරුගේ බෙල්ලේ සහ අත්වල කැපුම් තුවාල දක්නට ලැබුණු බවත් ඔහු සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවත් එහි සඳහන් වේ.

94 Views

Comments