Kagoshima ප්‍රාන්තයට සුවිශේෂී සුළි කුණාටු අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ


Kagoshima ප්‍රාන්තයට ද Nanmadol සුළිකුණාටුවෙන් බලපෑම් ඇති වෙයි

.

ජපානයේ නිරිත දෙසින් පිහිටි Kagoshima ප්‍රාන්තයට සෙනසුරාදා දින පෙර නොවූ විරූ කුණාටුවක් ළඟා වීමත් සමඟ කාලගුණ ඒජන්සිය විසින් විශේෂ සුළි කුණාටු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ . 

 

මෙම විශාල සහ බලගතු සුළි කුණාටුව ගොඩබිමට කඩා වැදීම හේතුවෙන් ප්‍රාන්තයේ සහ ඒ අවට ප්‍රදේශවලට වාර්තාගත වර්ෂාපතනයක් ඇති වීමටත් ප්‍රචණ්ඩ සුළං සහ ඉහළ රළ අපේක්ෂා කරන බැවින් නායයෑම් සහ ගංවතුර ඇති විය හැකි බවත් පෙන්වා දෙමින් ඒජන්සිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ උපරිම අවධානයෙන් සිටින ලෙසයි . 

 

එවැනි හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලබන්නේ දශක කිහිපයකට වරක් සිදුවන අසාමාන්‍ය ස්වාභාවික සංසිද්ධියක් රට තුළ පුරෝකථනය වුවහොත් පමනක් වන අතර Okinawa ප්‍රාන්තය හැර රටේ අනෙකුත් ප්‍රදේශ සඳහා එවැනි අනතුරු ඇඟවීමක් සිදු කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ . 

 

ඒජන්සියේ අනාවැකි අධ්‍යක්ෂ Ryuta Kurora මාධ්‍ය හමුවකදී මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්‌වමින් කියා සිටියේ  සිකුරාදා රාත්‍රියේ සිට සුළි කුණාටුව ශීඝ්‍රයෙන් තීව්‍ර වී ඇති අතර එය අපි මින් පෙර කිසිදා අත්විඳ නැති ආකාරයේ භයානක කුණාටුවක් බවයි. 

 

සෙනසුරාදා රාත්‍රියේ සිට සඳුදා දක්වා සෙමින් චලනය වන මෙම සුළි කුණාටුව Amami දූපත් සහ දකුණු Kyushu ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර මේ හේතුවෙන් දුම්රිය සහ අනෙකුත් රාජකාරීන්  සම්බන්ධ සමහර ක්‍රියාකරුවන් විසින් Kyushu කලාපයට අයත් තම සේවාවන්හි කොටසක් අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

Comments