අතිරික්ත ආරක්ෂක වියදම් සපුරා ගැනීම වෙනුවෙන් බැඳුම්කර නිකුත් කිරීමට ජපානය සුදානම් වෙයි


ආරක්ෂක වියදම් සපුරා ගැනීම සඳහා ජපානයේ බදු ඉහළ නැංවීමට සැරසේ

.

අනාගතයේ දී ණය ආපසු ගෙවීම සඳහා බදු ඉහළ නැංවීමේ අරමුණින් ආරක්ෂක වියදම්වල සැලකිය යුතු වැඩි වීමක් ලබා ගැනීම සඳහා විශේෂ බැඳුම්කර නිකුත් කිරීමට ජපාන රජය සලකා බලමින් සිටින බව මේ සම්බන්ධ සමිප ආරංචි මාර්ග සිකුරාදා සදහන් කළේය . 

 

ණයට ගත් මුදල් ආපසු ගෙවීම සඳහා ආයතනික හෝ දුම්කොළ බදු ඉහළ දැමීම උසස් ආදායමක් සහතික කිරීමේ විකල්පයන් අතර වනු ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් පෙන්වා දුන් අතර රජය ඒවා ආපසු ගෙවන්නේ කෙසේදැයි කල්තියා තීරණය කර ඇති බැවින් එවැනි බැඳුම්කර අනෙකුත් බැදුම්කර වලට සාපේක්ෂව වෙනස් ලෙස සලකනු ලැබේ . 

 

රටේ ආරක්ෂක පරිසරය මූලික වශයෙන් ශක්තිමත් කිරීමට සහ මේ වනවිට රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% කට පමණ සීමා වී ඇති ආරක්ෂක වියදම් ප්‍රතිශතය ඉහළ නැංවීම වෙනුවෙන් අගමැති Fumio Kishida විසින් ගනු ලබන ප්‍රයත්නයේ එක් පියවරක් ලෙස මෙය සැලකේ. 

 

එමෙන්ම රටේ ආරක්ෂක වියදම් කොපමණ වැඩි විය යුතුද සහ ඒ සඳහා අරමුදල් සපයන්නේ කෙසේද යන්න පිළිබඳවත් ආයතනික හෝ දුම්කොළ බද්ද ඉහළ දැමීම හේතුවෙන් ව්‍යාපාරික ප්‍රජාව තුළින් එල්ල විය හැකි විරෝධතාවයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවත් මෙහිදී රජය විසින් සාකච්ඡා කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.

Comments