සමාගම් අතර දත්ත හුවමාරු කර ගනිමින් සැපයුම් දාම ශක්තිමත් කිරීම සඳහා අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය සමඟ එක්ව කටයුතු කිරීමේ ව්‍යාපෘතියක් ජපානයේ ආර්ථික අමාත්‍යවරයා විසින් යෝජනා කර ඇත.
ආර්ථීක, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍ය නිෂිමුරා යසුතොෂි ඉරිදා කාම්බෝජයේ දී ආසියාන් සගයන් සමඟ පැවති රැස්වීමකදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. වැඩිවන භූ දේශපාලන අවිනිශ්චිතතාවයෙන් සෑම කලාපයකටම බලපෑම් එල්ල වෙමින් පවතින බවත්, අභියෝග ජය ගැනීම සඳහා ජපානය සහ ආසියාන් එක්ව කටයුතු කිරීම වැදගත් බවත් නිෂිමුරා පවසා ඇත.