ජපානයේ පොලිස් ප්‍රධානියා අබේගේ රාජ්‍ය අවමංගල්‍යය ස්ථානය පරීක්ෂා කරයි.


හිටපු අගමැතිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ආරක්ෂාව තර කෙරේ

.

ජපානයේ ජාතික පොලිස් ඒජන්සි ප්‍රධානියා හිටපු අගමැති අබේ ෂින්සෝගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන ස්ථානය පරීක්ෂා කර ඇති අතර උත්සවය සඳහා පූර්ණ ආරක්ෂාව සහතික කරන ලෙස සියලුම නිලධාරීන්ට නියෝග කර ඇත. 

 

මෙම උත්සවයදී ප්‍රභූවරුන් ආරක්ෂා කිරීම සඳහා අලුත් කරන ලද පොලිස් ආරක්ෂක මාර්ගෝපදේශ මත පදනම් වූ පළමු මහා පරිමාණ මෙහෙයුම වේ. අවමංගල්‍ය ස්ථානය අවට ප්‍රදේශවල ඇති විය හැකි අනතුරු පිළිබඳව සවිස්තරාත්මක ආරක්ෂක සැලැස්මක් සකස් කිරීම පොලිස් ආයතනයට පැවරී ඇත. 

 

ටෝකියෝවේ බොහෝ ප්‍රදේශවල ආරක්ෂාව අධීක්ෂණය කිරීම සඳහා අවමංගල්‍ය දිනයේදී ටෝකියෝ පොලිස් දෙපාර්තමේන්තුවේ මූලස්ථානයක් පිහිටුවන අතර උත්සව භූමිය අවට මාර්ගවල මෙන්ම අධිවේගී මාර්ගවලද රථවාහන සීමා පනවනු ලැබේ.

95 Views

Comments