Aichi ප්‍රාන්තයේ කොටා හි පොලිසිය විසින් 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ ඔහු අර්ධකාලීන රැකියාවක් සිදුකරන ගමගෝරි හි සාප්පුවකින් යෙන් මිලියන 1.13 ක මුදල් සොරකම් කළ බවට සැකපිට ය.
අදාල සැකකරු කයිටෝ ඉවාසාකි නම් විශ්වවිද්‍යාල සිසුවෙකි.
ඉවාසාකි එම චෝදනාව පිළිගෙන ඇති බව පොලිසිය පවසයි.