ටෝකියෝ අගනගරය හදිසි තත්ත්වයකට පත් කිරීමේ හෝ වසා දැමීමේ තීරණයක් ගැන රජය සලකා බැලීමක් සිදු නොකරන බව ජපාන අග්‍රාමාත්‍ය Kishida Fumio මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර සිටියේය. දැනටමත් ටෝකියෝ අර්ධ හදිස්සි හදිසි තත්ත්ව යටතේ සාමාන්‍ය කටයුතු කරගෙන යන බවත් එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
දිනෙන් දින ටෝකියෝ අග නගරයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑම අර්ධ හදිසි තත්ත්ව යටතේ හැකිතාක් පාලනය කිරීමට රජය උත්සාහ කරන බවත් නගරය වසා දැමීමක් පිළිබඳව දැනට සලකා බැලීමක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ද ඔහු පැවසීය.