ඉන්ෆ්ලුවෙන්සා, කෝවිඩ් එකවර පැතිර යා හැකි බව විශේෂඥයින් පවසයි.


ජපානයේ covid හා ඉන්ෆ්ලුවෙන්සාව එකවර පැතිර යාමේ අවධානමක් මතු වෙයි

.

ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ මණ්ඩලයක් මෙම සරත් සෘතුවේ හෝ ඊට පසුව සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා සහ කෝවිඩ් එකවර පැතිර යා හැකි බවට නිවේදනය  කර ඇත. 

 

ප්‍රවීණයන් යෝජනා කර සිටියේ උණ වෙනදාට වඩා කලින් පැතිර යා හැකි අතර කොරෝනා වයිරස් ආසාදන පවතිනු ඇතැයි උපකල්පනය කොට අවශ්‍ය පියවර ගත යුතු බවයි. ඔවුන් පෙන්වා දුන්නේ රටපුරා නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අඩුවෙමින් පවතින බවයි. 

 

ප්‍රධාන නගර සඳහා කෙටි කාලීන ආසාදිත වාර්තාවන්   මත පදනම්ව බොහෝ ප්‍රදේශවල මෙම ප්‍රවණතාවය දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ඔවුන් පෙන්වා දී ඇත. එහෙත් ටෝකියෝ අගනගරයේ කොරෝනා ආසාදිතයින් පහත වැටීමේ වේගය අඩු වී ඇති බවත් අඛණ්ඩ නිවාඩු දින වල බලපෑම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් විශේෂඥයෝ පවසා ඇත.

Comments