ජනප්‍රිය කික් බොක්සිං ක්‍රීඩිකාවක් අත්අඩංගුවට


Hyogo ප්‍රාන්ත පොලිස් ස්ථානය විසින් කික් බොක්සිං ක්‍රීඩිකාවක් වන රීනා ඔකමොටෝ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී. 

.

Hyogo ප්‍රාන්ත පොලිස් ස්ථානය විසින් කික් බොක්සිං ක්‍රීඩිකාවක් වන රීනා ඔකමොටෝ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.  

Okamoto විසින් ජුනි මාසයේ ටෝකියෝ හි පැවති සටන් කලා ඉසව්වක් පැවති ස්ථානයේ බෙදා හරින ලද සීමිත සංස්කරණ පෝස්ටරයක් ​​ව්‍යාජ අත්සන් දෙකක් සමඟ බෙදාහැර ඇති බවයි වාර්තා වන්නේ. 

පසුව කෝබේ නගරයේ 35 හැවිරිදි කාර්යාල සේවකයෙකු විසින් සැබෑ පෝස්ටරයේ මුද්‍රණය කර තිබූ අනුග්‍රාහකයාගේ ලාංඡනය බෙදා හරින ලද පෝස්ටරයේ අස්ථානගත වී ඇති බව සොයාගැනීමෙන් පසු පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

127 Views

Comments