ගිලී ගිය Kazu I සංචාරක බෝට්ටුව මෙහෙයවූ කපිතාන්වරයාගේ මරණය තහවුරු කෙරේ


Kazu1 නැවේ කපිතාන් මියගිය බව තහවුරු කෙරේ

.

ජපානයේ දර්ශනීය Shiretoko අර්ධද්වීපය අසල වෙරළ තීරයේ තිබියදී මීට සතියකට පෙර සොයා ගන්නා ලද මළ සිරුර පසුගිය අප්‍රේල් මාසයේ දී ඒ අසල මුහුදු ප්‍රදේශය තුළ ගිලී ගිය Kazu I සංචාරක බෝට්ටුව මෙහෙයවූ කපිතාන්වරයාගේ බවට තහවුරු වූ බව සෙනසුරාදා දින නිවේදනයක් නිකුත් කරමින් ජපාන වෙරළාරක්ෂක බළකාය  කියා සිටියේය. 

 

මගීන් 24 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු රැගෙන, රළු කාලගුණය පිළිබඳව නිකුත් කළ පුරෝකථනය නොතකා, රටේ උතුරු දෙසින් පිහිටි ප්‍රධාන දූපතක් වන Hokkaido හි Shiretoko අර්ධද්වීපයේ දර්ශනීය පරිසරය නැරඹීම සඳහා Shari හි Utoro වරායෙන් පිටත් වූ 19-ton Kazu I නෞකාව අප්‍රේල් 23 වන දින ආපදා ඇමතුමක් ලබා දී ඉතා සුළු කාලයකට පසුව මුහුදු රළ තුළ අතුරුදහන්ව ගිය අතර 54 හැවිරිදි කපිතාන් Noriyuki Toyoda ගේ මරණය තහවුරු වීමත් සමඟ නෞකාවේ ගමන් කළ සමස්ත වින්දිතයින් 19 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන් වේ. 

 

1 වන ප්‍රාදේශීය වෙරළාරක්ෂක මූලස්ථානයට අනුව කපිතාන්වරයාගේ සිරුරෙන් ලබාගත් DNA සාම්පල පරීක්ෂා කිරීමෙන් පසුව ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ඇති අතර එම නෞකාවේ ගමන් කරමින් සිටි තවත් පුද්ගලයින් හත් දෙනෙකු තවමත් අතුරුදහන් වූවන්ගේ නාමාවලියට අයත්ව සිටින බව පැවැසේ . 

 

ඔහුගේ සිරුර සැප්තැම්බර් 17 වන දින උදෑසන ප්‍රදේශයේ ධීවර කටයුතු වල නියැලී සිටි 59 හැවිරිදි Kenji Sakurai නම් පුද්ගලයකු විසින් සොයා ගෙන තිබූ අතර ඔහු ස්වේච්ඡාවෙන් බෝට්ටුවෙන් අතුරුදහන් වූවන් සොයමින් සිටි අයෙකු බවට හදුනාගෙන තිබේ . "ඔහු වගකිවයුතු තනතුරක සිටියත්, කපිතාන්වරයාගේ පවුලේ අය පිළිබඳව සලකා බලා මෘත දේහය සොයා ගැනීමට හැකිවීම පිළිබඳව මම සතුටු වෙනවා. එමෙන්ම අතුරුදහන්ව ගිය ඉතිරි මගීන් ද ඉක්මනින් සොයා ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා " යනුවෙන් ඔහු මෙහිදී කියා සිටියේය .

76 Views

Comments