අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ටෝකියෝ පොලිසිය ආරක්ෂාව තරකරයි.


හිටපු අගමැතිගේ අවමංගල්‍යය වෙනුවෙන් tokyo පොලිසිය ප්‍රදේශය පුරා ආරක්ෂාව තර කරයි

.

හිටපු අගමැති ෂින්සෝගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සඳහා විදේශීය සම්භාවනීය අමුත්තන් පැමිණීමට පෙර ටෝකියෝ පොලිසිය අගනුවර පුරා ආරක්ෂාව තර කර ඇත. 

 

ටෝකියෝ මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව මධ්‍යම ටෝකියෝවේ අධිවේගී මාර්ගවල සැක කටයුතු භාණ්ඩ සඳහා මුර සංචාරයේ යෙදී සිටින නිලධාරීන් යොදවා ඇත. සෙනසුරාදා පොලිසිය විසින් හනේඩා ගුවන් තොටුපළ අසල අධිවේගී මාර්ගයක මංතීරු කිහිපයක්ම වසා දමා ඇත. 

 

පුපුරණ ද්‍රව්‍ය තිබේදැයි පරීක්‍ෂා කිරීම සඳහා ඇතැමුන් නිල සුනඛයන් යොදා ගනිමින් ගුවන් තොටුපළේ අමතර පොලිසියද රාජකාරියේ යොදවා ඇති අතර විදෙස් ප්‍රභූන් ලැගුම් ගන්නා තානාපති කාර්යාල සහ හෝටල් අවට ද ආරක්ෂාව තර කරන බව පොලිසිය පවසා ඇත

78 Views

Comments