Shizuoka ප්රාන්තයේ තම බිරිඳ ඝාතනය කර පලාගිය සැමියෙකු සෙවූ පොලිසියට ඔහුගේ ශරීරය Yamanashi ප්රාන්තයේ ගඟක පාවෙමින් තිබියදී හමුවී තිබේ. මෙය කඳුකර ප්රදේශයක් වන අතර පැහැදිලි ලෙසම එම පුද්ගලයා පාලමකින් ගඟට පැන ඇති බව පොලිසිය සැක කරයි.
මෙම පුද්ගලයා Yoko Ichikawa නම් තම බිරියව ඝාතනය කිරීමෙන් පසුව පසුගිය ජනවාරි මස 25 වන දා හඳුනන කාන්තාවකට දුරකථන ඇමතුමක් දී ඔහු බිරිඳව ඝාතනය කර බවට ඉඟියක් සපයා තිබිණ.එම තොරතුරු ඔස්සේ යමින් පොලිසිය ඔවුන්ගේ නිවසේ දී ඇයගේ මෘත දේහය සොයා ගන්නා ලදී.
අදාළ පුද්ගලයා ඇයව ගෙල සිරකර මරා දමා ඇති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.