අබේගේ රාජ්‍ය අවමංගල්‍යය පැවැත්වෙන ස්ථානය අවට ආරක්ෂාව තර කෙරේ.


Shinzo Abe අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ඒ අවට ප්‍රදේශය දැඩි ආරක්ෂාවට ලක් කර තිබිණ

.

හිටපු අගමැති අබේ ෂින්සෝගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන ස්ථානය අවට ආරක්ෂාව තර කර තිබිණ. අවසන් කටයුතු අඟහරුවාදා මධ්‍යම ටෝකියෝ හි නිපොන් බුඩෝකාන්හිදී සිදු වූ අතර ටෝකියෝ පොලිසිය දස දහස් ගණන් නිලධාරීන් ශාලාව අවට සහ වෙනත් තැන්වල යොදවා තිබිණ. 

 

ජල ගැලවුම් කණ්ඩායමක සාමාජිකයින් සැක කටයුතු වස්තූන් සඳහා අසල මාලිගාවේ දිය අගලක් සෝදිසි කර ඇති අතර පොලිස් නිලධාරීන් ප්‍රදේශයේ සෑම මෑන්හෝල් එකක්ම විවෘත කර අසාමාන්‍යතා පරීක්ෂා කරනු දක්නට ලැබී තිබේ. 

 

මහජනතාවට මල් පූජා කළ හැකි පූජාසනයක් එම ස්ථානයට උතුරින් වන උද්‍යානයක පිහිටුවා තිබූ අතර එහි පොලිස් නිලධාරීන් සහ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් ඒකරාශී කර තිබිණ .

109 Views

Comments