ජපානයේ විදුලි Stand-up ස්කූටරය සම්බන්ධ පළමු මරණය වාර්තා වේ.


විද්‍යුත් Stand up ස්කූටරයක ගමන්ගත් විධායක නිලධාරියෙකු මරණයට පත්වෙයි

.

ටෝකියෝ නුවර විදුලි ස්කූටරයකින් වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇත. පහසු ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ජනප්‍රිය වෙමින් පවතින මෙම වාහනය සම්බන්ධ ජපානයේ පළමු මරණය මෙය බව පොලිසිය පවසා ඇත. 

 

ටෝකියෝ හි පොලිස් දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ ඔහුගේ ස්කූටරය වාහන නැවැත්වීමේ සීමාවක හැපීමෙන් 52 හැවිරිදි සමාගම් විධායක නිලධාරියා වැටී ඔහුගේ හිස වැදී ඇති බවයි. 

 

මෙම අනතුර සිදු වී ඇත්තේ ඉරිදා රාත්‍රියේ Chuo මහල් ගොඩනැගිල්ලක වාහන නැවැත්වීමේ ස්ථානයේය. මෙම පුද්ගලයා රෝහලට ගෙන ගිය නමුත් හිස්වැසුමක් පැළඳ නොසිටීම හේතුවෙන් සඳුදා මිය ගොස් ඇත.

111 Views

Comments