විමෝචන කප්පාදුව ගැන සාකච්ඡා කිරීමට ඇමතිවරු ටෝකියෝහිදී රැස් වෙයි.


කාබන් විමෝචනය පිළිබඳව ජපාන රැස්වීමකදී වැඩිදුරටත් සාකච්ඡා වෙයි

.

කාබන් විමෝචනය කපා හැරීමේ සහයෝගී ප්‍රයත්නයන් ගැන කතා කිරීමට ලොව පුරා සිටින ඇමතිවරු ජපානයට රැස්ව ඇත. ටෝකියෝ හරිත පරිවර්තන සතියේ පළමු දිනය වන සඳුදා පැවති රැස්වීමකට රටවල් 20කට වැඩි ගණනක නියෝජිතයෝ සහභාගී වී ඇත. 

 

ජපානයේ කර්මාන්ත අමාත්‍ය නිෂිමුරා යසුතොෂි අනතුරු ඇඟවූයේ ෆොසිල ඉන්ධන ඉක්මනින් අත්හැර දැමීමෙන් අධික සමාජ හා ආර්ථික පිරිවැයක් ඇති විය හැකි බවයි. සංක්‍රාන්ති ක්‍රියාවලිය සඳහා ලෝකය වැඩි ආයෝජනයක් කළ යුතු බවද ඔහු පවසා ඇත. 

 

ලොව පුරා මූල්‍ය ආයතන 20කට අධික පිරිසක් ජාත්‍යන්තර ණය දීමේ මාර්ගෝපදේශ යෝජනා කර ඇත. ගල් අඟුරු තාප බලාගාරවලට තවමත් ණය ලබා ගත හැකි විය යුතු නමුත් එලෙස කළ හැක්කේ අවට පරිසරයට හානියක් නොවන බව පෙන්විය හැකි නම් පමණක් බව ඔවුන් පවසා ඇත.

74 Views

Comments