මුදල් වංචාවක් සිදුකර සිරදඬුවම් ලබා පසුගිය ජනවාරි මාසයේ සිරෙන් නිදහස් වූ පුද්ගලයෙක් නැවත ඒ වෙනුවෙන් මුදල් වංචාවක් සිදුකර අත්අඩංගුවට පත් වී තිබේ.
67 හැවිරිදි Manabu Isshiki නම් වූ මෙම පුද්ගලයා තම සේව්‍යයාගේ පොත් හලේ ලොකර් කාමරයට පිවිස එහි රඳවා තැබූ සේව්‍යයාගේ බෑගය තුළ තිබූ යෙන් 10,000ක මුදලක් සහිත මුදල් පසුම්බියක් සොරා ගෙන තිබේ. ඔහු මෙම ක්‍රියාව සිදුකළ බව පොත්හලේ තිබූ ආරක්ෂක කැමරා වලින් සොයාගෙන ඇත.
ඔහු මීට වසරකට ඉහතදී සමාගම් ගොඩනැඟිල්ලක සහ දෙපාර්තමේන්තු ගබඩාවල තිබු වටිනා කියන ද්‍රව්‍ය සොරකම් කිරීම හේතුවෙන් සිරගත කර පසුගිය මාසයේ සිරෙන් නිදහස් වූවෙකි.
ඔහුගේ වරද පිළි ගනිමින් ඔහු පවසා තිබුණේ ඔහුට ස්ථීර රැකියාවක් සහ මුදල් නොමැතිකම හෙයින් මෙම සොරකම් සිදු කළ බවයි.