ට්‍රස්, මෝදි ජපන් භාෂාවෙන් twitter තුළ අබේ ගැන ශෝකය පල කරයි.


රාජ්‍ය නායකයින් හිටපු අගමැති තුමා සම්බන්ධ ශෝක පණිවිඩ twitter කරයි

.

හිටපු ජපාන අගමැති අබේ ෂින්සෝගේ අභාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති Liz Truss සමාජ මාධ්‍ය ඔස්සේ ශෝකය ප්‍රකාශ කර ඇත. අබේගේ රාජ්‍ය අවමංගල්‍ය දිනය වන අඟහරුවාදා දින ට්‍රස් ඇගේ ට්විටර් ගිණුමේ මෙලෙස පණිවිඩයක් පල කර ඇත. 

 

ඇය ජපන් සහ ඉංග්‍රීසියෙන් පණිවුඩය තබා තිබේ. "වසර ගණනාවක් පුරා එක්සත් රාජධානිය සමඟ ඔහුගේ උණුසුම් මිත්‍රත්වය අද අපේ ජනතාව භුක්ති විඳින මිත්‍රත්වයේ සමීප බැඳීම්වල සදාකාලික උරුමයක් ඉතිරි කරයි." යන්නෙන් ඇය සටහන් කර තිබිණ. 

 

අබේ සමඟ මිත්‍ර සබඳතා ගොඩනඟා ගත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ට්විටර් ඔස්සේ ශෝකය පළ කර ඇත. අබේ ශ්‍රේෂ්ඨ නායකයෙකු බවත් ඉන්දියාව සහ ජපානය අතර මිත්‍රත්වය කෙරෙහි විශ්වාසය තැබූ අසාමාන්‍ය පුද්ගලයෙක් බවත් අබේ මිලියන ගණනකගේ හදවත් තුළ ජීවත් වනු ඇතැයි ඔහු තම ගිණුමේ සටහන් කර ඇත.

88 Views

Comments