Nippon steel සිය ඉන්දියානු ව්‍යාපාරයේ නව ආයෝජනයක් නිවේදනය කරයි.


Nippon steel ආයතනය තම ඉන්දියානු ව්‍යාපාරය තුළ නව ආයෝජනයන් කිරීමට සූදානම් වෙයි

.

ජපානයේ Nippon Steel පවසා සිටින්නේ දකුණු ආසියානු රටවල වෙළෙඳපොළේ අපේක්ෂිත වර්ධනයට ප්‍රවේශවීමේ උත්සාහයක් ලෙස ඉන්දියාවේ සිය ව්‍යාපාර සඳහා වැඩි ආයෝජනයක් කරන බවයි. ලොව ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන ArcelorMittal සමඟ හවුල් ව්‍යාපාරයක් සඳහා මෙම නව ආයෝජනය සිදු කරන බව සමාගම බදාදා ප්‍රකාශ කර ඇත. 

 

එහි වටිනාකම ඩොලර් බිලියන 7.4 ක් පමණ වන අතර අනෙකුත් පහසුකම් අතර නව පිපිරුම් උදුන් දෙකක් ද ඇතුළත් වේ. හවුල් ව්‍යාපාරය 2025 දෙවන භාගයේදී පහසුකම් කිහිපයක් දියත් කිරීමට සැලසුම් කර ඇත. මෙම ආයෝජනය මගින් Nippon Steel හට සිය සමූහයේ ගෝලීය නිෂ්පාදනය සියයට 10 කින් පමණ ඉහළ නැංවීමට ඉඩ සැලසේ. 

 

Nippon Steel හි විධායක උප සභාපති Mori Takahiro ඉන්දියාවේ තවත් ආයෝජන ගැන පැවසූ අතර ඉන්දියාවේ වානේ සඳහා ඉහළ යන ඉල්ලුමේ වාසිය ලබා ගැනීම සඳහා නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව සමාගම සලකා බලන බව ඔහු එහිදී පවසා ඇත

Comments