ජපානය, චීන නායකයින් ද්විපාර්ශ්වික සබඳතාවල 50 වැනි සංවත්සරයේ පණිවිඩ හුවමාරු කර ගනී.


ජපානය හා චීනය අතර සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයන් ක්‍රියාත්මක වෙයි

.

ජපානයේ සහ චීනයේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සාමාන්‍යකරණය කර වසර 50ක් සපිරෙන බැවින් නව යුගයක් සඳහා ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ වැදගත්කම ජපානයේ සහ චීනයේ නායකයින් අවධාරණය කර ඇත. ජපාන අගමැති කිෂිඩා ෆුමියෝ සහ චීන ජනාධිපති ෂී ජින්පින් 50 වැනි සංවත්සරය වෙනුවෙන් පණිවිඩ හුවමාරු කර ගත්හ. 

 

1972 දී සබඳතා සාමාන්‍යකරණය කිරීමෙන් පසු දෙරට ආර්ථිකය, සංස්කෘතිය සහ මිනිසුන් අතර හුවමාරුව ඇතුළු පුළුල් පරාසයක සබඳතා වර්ධනය කර ගෙන ඇති බව කිෂිඩා සිය පණිවිඩයේ සඳහන් කර ඇති අතර ද්විපාර්ශ්වික සබඳතා දැන් අභියෝග රැසකට මුහුණ දෙන බවද ඔහු පවසා ඇත.

118 Views

Comments