දික්කසාදය ඉල්ලූ පසු බිරිඳට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට


දික්කසාදය ඉල්ලූ බිරිඳට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට පත්වෙයි

.

හොකයිඩෝ ප්‍රාන්තයේ Ebetsu ප්‍රදේශයේ පොලිසිය විසින් 26 හැවිරිදි පුද්ගලයෙකු තම බිරිඳට පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම සිදුවීම රාත්‍රී සෙනසුරාදා 7 ට පමණ සිදුවී ඇත.  

 

20 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව පොලිසියට පවසා ඇත්තේ තමා සහ තම සැමියා විවිධ කාරණා සම්බන්ධයෙන් රණ්ඩු වන බවත් තමාට දික්කසාද වීමට අවශ්‍ය බව පැවසීමත් සමඟ කෝපයට පත් ඔහු තම නළලට කිහිප වතාවක්ම පහර දුන් බවයි. පහරකෑමට ලක්වූ තරුණිය වහා නිවසින් පිටතට දිවගොස් 110ට කතා කළ අතර ඇය නිවසට පැමිණෙන විට සැමියාව සොයාගැනීමට නොහැකි විය. එදින රාත්‍රියේ සපෝරෝහිදී පොලිසිය සැමියා සොයා ගත්තේය. සැකකරු මීට පෙරද තම බිරිඳට පහරදී ඇති බව පොලිසිය සඳහන් කළේය.

84 Views

Comments