ටෝකියෝ අධිකරණය සමලිංගිකයන් සඳහා  පදිංචිය සම්බන්ධ නීති ඉවත් කරයි.


ජපානය තුල සමලිංගික විවාහ පිළිබඳව පණවා තිබූ පදිංචිය සම්බන්ධ නීති යාවත්කාලීන කෙරේ

.

සමලිංගික විවාහයකදී ජපන් නොවන සහකරු හෝ සහකාරියකට පදිංචිය පිළිබඳ තත්ත්වය රජය විසින් ප්‍රතික්ෂේප කිරීම අසාධාරණ සහ ව්‍යවස්ථා විරෝධී බව ටෝකියෝ අධිකරණයක් විසින් තීන්දු කර ඇත. තම ජපන් සහකරු සමඟ ජපානයේ ජීවත් වීමට දිගුකාලීන පදිංචිය ප්‍රතික්ෂේප කරන ලද ඇමරිකානු ජාතිකයෙකු විසින් ගොනු කරන ලද වන්දි නඩුවක් හමුවේ සිකුරාදා මෙම තීන්දුව ලැබී ඇත. 

 

මෙම යුවළ 2015 දී සමලිංගික විවාහ නීත්‍යානුකූල වන එක්සත් ජනපද ප්‍රාන්තයක විවාහ වී ඇති අතර පසුව ඔවුන් ජපානයට පැමිණ ඇත. ටෝකියෝ දිස්ත්‍රික් උසාවිය තීරණය කර ඇත්තේ පුද්ගලයාට "නිශ්චිත ක්‍රියාකාරකම්" වීසා බලපත්‍රයක් සමඟ පදිංචිය ලබා දිය යුතු බවයි. 

 

තම මව් රටවල නීත්‍යානුකූලව විවාහ වන විදේශීය ජාතිකයන් දෙදෙනෙකුගෙන් සමන්විත සමලිංගික ජෝඩු සඳහා එවැනි වීසා නිකුත් කරන බව සභාපති විනිසුරුවරයා පවසා ඇත. ජපන් ජාතිකයෙකු වන විවාහක යුවළකට එම නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් ජපන් නොවන අයව පහත් කරන බව විනිසුරුවරයා පවසා ඇත.

Comments