ජනවාරි 29වන දින සිට ශ්රී ලංකාවේ සිට නැවත ජපානයට පැමිණෙන සියලුම අයට ගුවන් තොටුපල අවට හෝටලයක දින 3ක් නිරෝධායනය වීම අනිවාර්යය කර තිබේ.
මෙහිදී තුන්වන දින අවසානයේදී PCR පරීක්ෂණය යහපත් නම් අදාල පුද්ගලයට නිවෙසට යා හැකි අතර ඉන් පසු දින 4ක් නිවස තුල නිරෝධායනය වීම අනිවාර්ය කර තිබේ. ජපානයෙන් පිටත සිට යලි ජපානයට පැමිණෙන ජපාන ජාතිකයන් සහ ජපානයේ ස්ථීර පදිංචිය හිමි විදේශිකයන් මෙම ක්රියා පටිපාටිය අනුගමනය කරමින් දින 7ක් වනතෙක් නිරෝධායනය වීම අනිවාර්ය කර තිබේ.
මෙම නීතිය ක්රියාත්මක වන රටවල් පහත දක්වා ඇත.
ශ්රී ලංකාව , බංග්ලාදේශය ,පකිස්තානය , නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්ය , ඉන්දියාව ,උස්බෙකිස්තානය, කසකස්තානය, තුර්කිය සහ මාලදිවයන.