ශ්‍රී ලංකා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ජපානයේ සංචාරයක නියැළෙයි


ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ වැඩිපුර රැකියා අවස්ථා ලබාදීමට ශ්‍රී ලංකා රාජ්‍යය මැදිහත් වේ

.

ශ්‍රී ලංකාවේ ගරු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා 2022 සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 04 වනදා දක්වා ජපානයේ “විශේෂ පුහුණු සේවක” වැඩසටහන (SSW), තාක්ෂණික සීමාවාසික පුහුණු වැඩසටහන (TITP) සහ ඉහළ නිපුණතා සහිත සේවක වැඩසටහන යටතේ ශ්‍රී ලාංකිකයින් වෙත ජපානයේ ඇති විදේශ රැකියා අවස්ථා ප්‍රවර්ධනය කරමින් ජපානයේ සංචාරයක නිරත විය. 

 

මෙම සංචාරයේදී අමාත්‍ය නානායක්කාර මහතා ජපානයේ අධිකරණ කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය, කම්කරු සහ සුභසාධන රාජ්‍ය අමාත්‍යවරයා සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වීය. අමාත්‍යවරයා ජපානයේ ජාත්‍යන්තර අභ්‍යාසලාභී සහ නිපුණතා සේවක සහයෝගිතා සංවිධානයේ (JITCO) සභාපතිවරයා, තාක්ෂණික අභ්‍යාස පුහුණුව සඳහා වූ සංවිධානයේ (OTIT) සභාපතිවරයා සහ ජපානයේ ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමය, ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය, ජපානයේ ශ්‍රී ලංකා රථවාහන ආනයන අපනයනකරුවන්ගේ සංගමය, ජපානයේ සේවකයින් බඳවා ගැනීමේ සමාගම් කිහිපයක නියෝජිතයින්, විදේශ විනිමය ප්‍රේෂණ සමාගම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සංගම් කිහිපයක් සමඟ ද රැස්වීම් පවත්වමින් ජපානයේ පවතින රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයින් බඳවා ගැනීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.

63 Views

Comments