NGO's, hibakusha න්‍යෂ්ටික නිරායුධකරණය සඳහා පියවර ගන්නා ලෙස ජපනයෙන් ඉල්ලයි.


නෂ්ටික අවි තහනම් කිරීම සම්බන්ධව ජපානය පුරෝගාමීව කටයුතු කිරීමට සූදානම් වෙයි

.

පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගත් අය සහ න්‍යෂ්ටික විරෝධී රාජ්‍ය නොවන සංවිධාන න්‍යෂ්ටික අවි අහෝසි කිරීම සඳහා නිශ්චිත පියවර ගන්නා ලෙස ජපාන විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත. න්‍යෂ්ටික අවි අහෝසි කිරීම සඳහා වූ රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ සාමාජිකයින් බ්‍රහස්පතින්දා ටෝකියෝ හි විදේශ අමාත්‍යාංශයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. 

 

යුක්රේනය සහ උතුරු කොරියාවේ මිසයිල දියත් කිරීම් සම්බන්ධයෙන් පවතින ආතතීන් මධ්‍යයේ න්‍යෂ්ටික අවි අහෝසි කිරීමට හදිසි ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බව රාජ්‍ය නොවන සංවිධාන සමූහයේ නායක කවාසාකි අකිරා නිලධාරීන්ට පවසා ඇත. 

 

මෙම රැස්වීම්වලට සමගාමීව පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගත් පුද්ගලයින්ට සහ ලෝක නායකයින්ට අදහස් හුවමාරු කර ගැනීමට ඉඩ දෙන ලෙස රාජ්‍ය නොවන සංවිධාන ජාලය රජයෙන් ඉල්ලා ඇත.

111 Views

Comments