ජපාන සේවකයන් සඳහා  කෘත්‍රිම බුද්ධිය පාදක කරගත්  dating app


කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් එකිනෙකා හා හමුවීමට ඇති අවස්ථාවන් ගිලිහී යාමත් සමඟ තම සේවකයන්ගේ මානසික අවපීඩ?

.

කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් එකිනෙකා හා හමුවීමට ඇති අවස්ථාවන් ගිලිහී යාමත් සමඟ තම සේවකයන්ගේ මානසික අවපීඩනය හැකිතාක් අවම කර ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ජපානය තුල බොහෝ සේවා යෝජකයන් කෘත්‍රිම බුද්ධිය පාදක කරගත් dating app යොදාගෙන ඇත.මෙහි මූලික අරමුණ වන්නේ තම සේවකයන්ට ඔවුන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සොයාගෙන ඔවුන් හා ඇතිකරගන්නා සම්බන්ධතාව  තුළින් තෘප්තියක් ලබා ගැනීමත් එකිනෙකාට ඇති මානසික පීඩාකාරී තත්ත්වයන් වළක්වා ගැනීමත්  ඒ හරහා ඔවුන්ගේ සේවා කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමත්ය .

 

මේ වන විටත් අටසියයක් පමණ ආයතන නමුත් Aill Geon යෙදවිම  සමග සම්බන්ධවී සිටින අතර එම යෙදවුම නිර්මාපකයන්ට අනුව එහි ඇති ආරක්ෂාකාරී ස්වභාවය  වැඩි පුද්ගලයන් ප්‍රමාණයක්අදාළ යෙදුම සඳහා ආකර්ෂණය කර ගැනීමට හේතු වී ඇත.

Comments