රුසියාව zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය නිල වශයෙන් පවරා ගැනීමට පියවර ගනී.


යුක්රේන න්‍යෂ්ඨික බලාගාරයක් රුසියාව අත්පත් කර ගනී

.

යුක්රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය රුසියානු රජයේ පාලනය යටතට පත් කිරීමේ නියෝගයකට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අත්සන් තබා ඇත. 

 

න්‍යෂ්ටික බලාගාරයේ සහ අනෙකුත් පහසුකම්වල අයිතිය රජයට පවරා ගන්නා බවත්, ඒවායේ ආරක්‍ෂිත කළමනාකරණය සහ මෙහෙයුම් සඳහා නව රාජ්‍ය සමාගමක් පිහිටුවන බවත් බදාදා නිකුත් කරන ලද එම නියෝගයේ සඳහන් වේ. 

 

එදිනම, රුසියානු ජනාධිපති කාර්යාලය නිවේදනය කර සිටියේ පුටින් යුක්රේනයේ කලාප හතරක් වන නැගෙනහිරින් ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක්, ගිනිකොන දෙසින් සපොරිෂියා සහ දකුණේ කෙර්සන්

ඒකපාර්ශ්විකව ඈඳා ගැනීම සඳහා ලියකියවිලි අත්සන් කළ බවයි.

Comments