හිටපු ටෝකියෝ ආන්ඩුකාරවරයා කලුරිය කරයි..


හිටපු ටෝකියෝ ආණ්ඩුකාර Ishihara Shintaro මහතා කලුරිය කල බව..

.

හිටපු ටෝකියෝ ආණ්ඩුකාර Ishihara Shintaro මහතා කලුරිය කල බව ටෝකිය රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියේය. මේ වන විට අසූ නව (89) වන වියේ පසුවූ ඒ මහතා චීනයට එරෙහි ආර්ථික සහ දේශපාලනික ප්‍රතිපත්ති නිසා ජනප්‍රියත්වට පත් වී සිටි චරිතයකි.

 Senkaku දිවයින් ටෝකියෝ  විසින් මිලදී ගත යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වසර 2012 දී ඔහු විසින් සිදුකරන ලදී. කෙසේ වෙතත් ඔහුගේ ප්‍රකාශ සනාථ කරමින් ජපාන රජය විසින් පසුව එම දිවයින් මිලදීගත් බවද වාර්තා වේ.

329 Views

Comments