ජපාන සෞඛ්‍ය බලධාරීන් විසින් උණ ඇති එහෙත් බරපතල කොරෝනා වෛරස් රෝග ලක්ෂණ වර්ධනය වීමේ අඩු අවදානමක් ඇති පුද්ගලයින්ට අන්තර්ජාලය හරහා වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටී.
ඉන්ෆ්ලුවෙන්සා මෙම ශීත ඍතුවේ දී වෙනදාට වඩා කලින් පැතිර යා හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවීණයන් අනාවැකි පළ කරන බැවින් මෙම සැලසුම වෛද්‍ය ආයතන මත ඇති බර සැහැල්ලු කිරීම අරමුණු කර ගෙන ඇත.
බොහෝ දෙනෙකුට උණ වැලදුණහොත් නිවසේදී ප්‍රතිදේහජනක පරීක්ෂණයක් සිදු කරන ලෙස නිර්දේශ කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ප්‍රතිඵලය සෘණාත්මක නම් දුරකථනයෙන් හෝ අන්තර්ජාලය හරහා වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට හෝ ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරයා හමුවීමට උපදෙස් දී ඇත.