චීන චන්ද්‍ර වර්ෂය සැමරේ...


පෙබරවාරි 1 වනදා අඟහරුවාදා දින චීන චන්ද්‍ර වර්ෂයේ ආරම්භය..

.

පෙබරවාරි 1 වනදා අඟහරුවාදා දින චීන චන්ද්‍ර වර්ෂයේ ආරම්භය සිදු වූ අතර ආසියාව පුරා චීන සම්භවයක් සහිත සියලු දෙනා මෙම සැමරුම අති උත්කර්ෂවත් ලෙස සමරන බව වාර්තා වේ.

සම්ප්‍රදායට අනුව මෙම වර්ෂය කොටියාට වෙන් කර තිබේ. ලෝකය පුරා චීන ජාතිකයින් ඔවුන්ගේ  මුතුන් මිත්තන් සමරමින් ගැයුම් වැයුම් වලින් විනෝද වෙමින් චීන චන්ද්‍ර වර්ෂය සමරනු ලැබේ. කොවිඩ් වසංගත කාලය තුල උදා වූ තුන්වන චන්ද්‍ර වර්ෂය මෙය වන අතර සැමරුම් සහ විනෝද සැණකෙළි වල තරමක අඩුවක් මෙවර ද දක්නට ලැබිණි.

317 Views

Comments