චීන නාවික හමුදාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන "Liaoning" මෙම මස මුල සිට ඔකිනාවා ආසන්න මුහුදේ ගුවන් යානා ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම් 260 ක් පමණ සිදු කර ඇති බව ජපාන ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(28) නිවේදනය කළේය.
මේ හේතුවෙන් ජපන් ගුවන් ආරක්ෂක බලකාය සහ සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙන බව වාර්තා වේ.
ආරක්ෂක අමාත්‍යාංශයට අනුව Liaoning නෞකාව ඔකිනාවා ප්‍රාන්තයේ Okidaito දූපත සහ Kitadaito දූපත මෙන්ම ජපානයේ දකුණු දෙසින් පිහිටි Okinotorishima දූපත වටා යාත්‍රා කර ඇති අතර 17 වනදා සිට 27 වනදා දක්වා ප්‍රහාරක ගුවන් යානා සහ හෙලිකොප්ටර් නැවත නැවතත් ගුවන්ගත කර ගොඩ බස්සවා ඇත.