තම පුතාට පහර දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට.


තම පුතාට අමානුෂික ලෙස පහරදුන් පියෙකු අත්අඩංගුවට ගනියි

.

හොක්කයිඩෝ ප්‍රාන්තයේ අසහිකාවා ප්‍රදේශයේ පොලිසිය පවසා සිටියේ 20 හැවිරිදි තම පුතුට තම නිවසේදී පහරදීම සම්බන්ධයෙන් සැකපිට 46 හැවිරිදි පුද්ගලයෙකු සිකුරාදා අත්අඩංගුවට ගත් බවයි. 

 

පොලිසියට පවසන පරිදි සැකකරු රාත්‍රී 10:10 ට පමණ තම පුතාගේ මුහුණට පහර දුන් බව පිළිගෙන ඇත. සිද්ධියෙන් පසු පුද්ගලයා 119 අමතා තම පුතාට පහර දීමෙන් පසු ඔහුට සිහිය නැති වූ බව පවසා ඇත. පහරකෑමට ලක්වූ පුද්ගලයා  රෝහල් ගත කර ඇති අතර එහිදී වෛද්‍යවරුන් පවසා සිටියේ ඔහුගේ නාසය කැඩී ඇති බවයි. 

 

ඔහු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වන තම පුත්‍රයා සමඟ බහින්බස්‌වීමක්‌ ඇති වූ අවස්‌ථාවේ කෝපය පාලනය නැති වූ බව හා පහර දුන් බව එම පුද්ගලයා පැවසූ බව පොලිසිය සඳහන් කර ඇත.

63 Views

Comments