පැහැරගැනීමට ලක්වූවන් ජපානයට ආපසු පැමිණ වසර 20ක් සපිරේ.


උතුරු කොරියාවෙන් පැහැරගත් ජපන් ජාතිකයන් නැවත ජපානයට පැමිණීම සැමරෙයි

.

උතුරු කොරියාව විසින් පැහැරගෙන ගිය ජපන් ජාතිකයින් පස් දෙනෙකු නැවත ජපානයට පැමිණ සෙනසුරාදාට වසර 20ක් සපිරේ. පැහැර ගැනීමට ලක්වූ තවත් 12 දෙනෙකුවත් තවමත් සිය නිවෙස් වෙත පැමිණ නැත. 

 

පස් දෙනෙකු 1978 දී උතුරු කොරියාවට ගෙන ගොස් වසර 24ක් එහි ගත කර ඇත. උතුරු කොරියාවේ එවකට නායක කිම් ජොං ඉල් විසින් පැහැරගැනීම් සිදු කළ බව පිළිගත් ඓතිහාසික ජපාන-උතුරු කොරියානු සමුළුවෙන් අනතුරුව, 2002 ඔක්තෝම්බර් 15 දින ඔවුන් නැවත ජපානයට පැමිණ ඇත. 

 

ජපානයට ආපසු පැමිණීමෙන් පසු, පස්දෙනා ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ කර ඇති නමුත් ජපාන රජය විසින් නිල වශයෙන් පිළිගත් 12 දෙනා ඇතුළු අනෙකුත් පැහැරගැනීම්වලට ලක්වූවන් උතුරු කොරියාවේ අතරමංව සිටින බැවින් ඔවුන්ට දැඩි කලකිරීමක් දැනෙන බව පවසා ඇත.

112 Views

Comments