දකුණු කොරියානු යුද  අභ්‍යාස පිළිබඳ උතුරු කොරියාවේ ප්‍රතිචාරය


දකුණු කොරියාවෙ යුද අභ්‍යාස පිළිබඳව උතුරු කොරියාව ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ලෝක ප්‍රබලයන් අවධානයෙන් පසුවේ

.

එක්සත් ජනපද හමුදා අර්ධ වශයෙන් සම්බන්ධ වන දකුණු කොරියානු යුධ අභ්‍යාසයකට උතුරු කොරියාවෙන් ඇතිවිය හැකි ප්‍රතිචාර පිළිබඳව දකුණු කොරියානු සහ එක්සත් ජනපද හමුදා අවධානයෙන් සිටියි. සඳුදා දකුණු කොරියානු හමුදාව නිත්‍ය ක්ෂේත්‍ර උපාමාරු අභ්‍යාසයක් ආරම්භ කළ අතර එය ඔක්තෝබර් 28 දිනෙන් අවසන් වීමට නියමිතය. 

 

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි සහ මිසයිලවලින් එල්ල විය හැකි විවිධ තර්ජනවලට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම අභ්‍යාසය සැලසුම් කර ඇති බව දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් පවසා ඇත. 

 

ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් පවසා සිටින්නේ දකුණු කොරියාවේ ස්ථානගත කර ඇති එක්සත් ජනපද හමුදා අන්‍යෝන්‍ය මෙහෙයුම් හැකියාවන් වැඩිදියුණු කිරීමේ අභ්‍යාස කිහිපයක් සඳහා සහභාගී වන බවයි.

110 Views

Comments