ගහෙන් වැටුණු ටොංගාට ගොනා අනින ලකුණු ..


පසුගියදා මුහුද ආශ්‍රිතව සිදුවූ ගිනි කඳු පුපුරා යාම නිසා සුනාමි ව්‍යසනයකට මුහුණ දුන් ...

.

පසුගියදා මුහුද ආශ්‍රිතව සිදුවූ ගිනි කඳු පුපුරා යාම නිසා සුනාමි ව්‍යසනයකට මුහුණ දුන් ටොංගා දිවයින් රාජ්‍ය දැන් නැවත වතාවක් බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති බව වාර්තා වේ.

සහන සේවා කණ්ඩායම් සහනාධාර ලබාදීමේ කටයුතු සහ පුනරුත්ථාපන  කටයුතු වෙනුවෙන් ටොංගා වෙත ළඟා වූ අතර ඔවුන් හරහා රටේ පැවති කොවිඩ් වසංගත තත්වය තවත් උග්‍රවී ඇති බව වාර්ථා වේ. මේ වන විට රට වසා දැමීමේ අවධානමකට පවා ඔවුන් පත්ව ඇති බව සැලවේ. චීනය,ජපානය ,මහා බ්‍රිතාන්‍ය ,නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් වෙතින්  විශාල සහනාධාර ප්‍රමාණයක් ටොංගා වෙත ලැබී තිබුණි.

478 Views

Comments