පසුගිය වසරේ ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්රීඩා උළෙල සැමරීම සඳහා අර්ධ මැරතන් තරගයක් ඉරිදා ටෝකියෝ නුවරදී පැවැත්විණි. ප්රථම ටෝකියෝ ලෙගසි අර්ධ මැරතන් තරගයට ජපානයේ සහ විදේශීය සුපිරි ධාවකයන් සහ පැරාලිම්පික් ක්රීඩක ක්රීඩිකාවන් ඇතුළු 14,000ක් පමණ සහභාගී වී ඇත.
ටෝකියෝ ඔලිම්පික් සහ පැරාලිම්පික් සමාරම්භක උත්සව පැවති ජාතික ක්රීඩාංගණයේදී තරඟය ආරම්භ කර අවසන් විය. ඔලිම්පික් මැරතන් තරගය පැවැත්වෙන ස්ථානය ටෝකියෝවේ ගිම්හාන උණුසුම වළක්වා ගැනීම සඳහා උතුරු නගරය වන සපෝරෝ වෙත ගෙන ගොස් ඇත. බොහෝ අය ක්රීඩාංගනය අසල පාර දිගේ රැස්ව සිටි අතර ධාවකයන් දිරිමත් කිරීම සඳහා අතින් සාදන ලද ධජ එසවූහ.