සේවකයාගේ දිවි නසා දිවිනසාගැනීමේ අර්බුදය Toyota විසඳයි


මානසික අවපීඩනය හේතුවෙන් වසර 12 කට ඉහතදී  සියදිවි හානි කරගත් හතළිස් හැවිරිදි  ටොයෝටා සේවකයා සම්බන්ධයෙන් පැවැත??

.

මානසික අවපීඩනය හේතුවෙන් වසර 12 කට ඉහතදී  සියදිවි හානි කරගත් හතළිස් හැවිරිදි  ටොයෝටා සේවකයා සම්බන්ධයෙන් පැවැති   අර්බුදය විසඳීමට  එම සමාගමට පසුගියදා හැකිවිණි.

 

ඔහුගේ  පවුල සහ ඔහු වෙනුවෙන් ඉදිරිපත්වූ  නීතීඥවරුන්  ඒ පිළිබඳව පසුගියදා පැවති මාධ්‍ය සාකච්චාවක දී පවසා තිබුණි. ඔහුගේ මරණය වෙනුවෙන් පවුලේ ඥාතීන් විසින්  ජපන් යෙන් මිලියන එකසිය විස්සක් හෝ ඩොලර් මිලියන එකකට වඩා වැඩි වන්දියක්  ලබා දෙන ලෙස ඉල්ලමින්  ටොයෝටා සමාගමට එරෙහිව නඩු පවරා තිබිණි.කෙසේ වෙතත් මාධ්‍ය සාකච්ඡාවේදී  ඔවුන්ට හමුවූ වන්දි මුදල පිලිබදව සදහනක් සිදු කර නොමැත.

 

ඔහුගේ පවුල සහ නීතිඥවරුන් පවසන අන්දමට අදාල සේවකයා සියදිවි නසා ගැනීමට පෙළඹී ඇත්තේ අධික වැඩ කටයුතු සහ  ඔහුගේ අධිකාරීවරයා අනවශ්‍ය ලෙස ඔහුගේ  බලය යොදාගනිමින් හිංසා කිරීම නිසා බවත්  එම කාරණය නගෝයා ශ්‍රේෂ්ඨාධිකරණයේදී සනාථ කිරීමටත් ඔවුන්ට හැකි වී තිබිණ.

 

මෙම කාරණය සම්බන්ධයෙන් ටොයෝටා සභාපතිToyoda Akio පසුගිය ඔක්තෝම්බර් මස ඔවුන්ගේ සමාව ඇයද තිබුණි.

 

281 Views

Comments