ශතවර්ෂයේ මැද භාගය වන විට ශ්‍රේෂ්ඨ නූතන සමාජවාදී රටක් ලෙස චීනය ගොඩනැගීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා සිය කැපවීම පිළිබඳ චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කර ඇත. ඒ ඉරිදා දශකයකට දෙවරක් පවත්වන ලද කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සම්මේලනයේ ආරම්භක සැසියේදී දේශනයකදීය.
තායිවානය ගැන සඳහන් කරමින් ෂී ප්‍රකාශ කළේ චීනය ඉතාම අවංකව සහ උපරිම උත්සාහයෙන් සාමකාමීව යලි එක්වීම සඳහා දිගටම උත්සාහ දරනු ඇති බවයි. එහෙත් චීනය බලය භාවිතය අත්හැරීමට කිසිවිටෙකත් පොරොන්දු නොවනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ශ්‍රේෂ්ඨ නවීන සමාජවාදී රටක් ගොඩනැගීමට කොමියුනිස්ට් පක්ෂය ජනතාවට නායකත්වය දෙන බවත් චීන මාවතක් ඔස්සේ සෑම පැත්තකින්ම චීන ජාතියේ පුනර්ජීවනය ඉදිරියට ගෙන යන බවත් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉදිරි වසර 5 තීරණාත්මක වනු ඇති බවත් ඔහු පවසා ඇත.