රුසියාවට මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා සැපයීම වහාම නතර කරන ලෙස යුක්රේන විදේශ අමාත්‍යාංශය ඉරානයෙන් ඉල්ලා ඇත. විදේශ අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශ කළේ පසුගිය සතිය තුළ පමණක් නේවාසික ගොඩනැගිලි, බලාගාර සහ අනෙකුත් පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉරාන ඩ්‍රෝන 100 කට වැඩි ප්‍රමාණයක් භාවිතා කළ ඇති බවයි.
මෙම ප්‍රහාරයෙන් ළමුන් ඇතුළු මිනිසුන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති බවත් යුක්රේනයේ බලශක්ති යටිතල ව්‍යුහයෙන් තුනෙන් එකකට බලපෑම් එල්ල වී ඇති බවත් එම ප්‍රකාශයේ සඳහන් වී ඇත.
තවද යුක්රේනයේ ආක්‍රමණශීලී යුද්ධයක් දියත් කිරීමට සහ යුක්රේන පුරවැසියන් මරා දැමීමට ආයුධ සැපයීම, යුක්රේනයට එරෙහි රුසියාවේ ආක්‍රමණ, යුද අපරාධ සහ ත්‍රස්තවාදී ක්‍රියාවල අපරාධවලට ඉරානය හවුල් කරවයි යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වී ඇත.