තානාපති කාර්යාලයෙන්  ලංකාව  ප්‍රවර්ධනය කිරීමට  සහාය


LNBTI හා තානාපති කාර්යාලය එක්ව ජපානය තුළ ලංකාව ප්‍රවර්ධනයට කටයුතු කරයි

.

තානාපති කාර්යාල නිලධාරීන් ලංකා නිප්පොන් බිස්ටෙක් ආයතනයේ (Lanka Nippon BizTech Institute - LNBTI) උපකුලපති මහාචාර්ය ආනන්ද කුමාර මහතා, එම ආයතනයේ සභාපති මිචිඔ කොගා මහතා සහ අධ්‍යක්ෂ කසුයුකි ඉකුරා මහතා හමුවී උපාධි මට්ටමේ උසස් අධ්‍යාපනය පිළිබඳ ජපන් ආයෝජන ව්‍යාපෘතියක් වන LNBTI මත පදනම්ව, මෙම දුෂ්කර සමයේ ජපානය තුළ ශ්‍රී ලංකාව පිලිබඳව යහපත් ආකල්ප ප්‍රචාරණය කොට ශ්‍රී ලංකාවට ආයෝජන ප්‍රවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කළහ. ලංකා නිප්පොන් බිස්ටෙක් ආයතනය (LNBTI) යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ජපන් උසස් අධ්‍යාපන ආයතනයයි.

70 Views

Comments