පහළ යමින් පවතින අගනුවර Corona අවදානම


Tokyo නුවරින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම තවදුරටත් පහළ යයි

.

අප්‍රේල් මස අවසානයේ ආරම්භ වී මැයි මස මුල දක්වා පවතින ජපානයේ  දිගු "ගෝල්ඩන් වීක්" නිවාඩු කාලය අතරතුරදී වුවත් මැයි 2 වන සදුදා දින ජපානයේ අගනුවර  2403 ලෙස අවම මට්ටමක නව Corona ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය. 

 

ආසාදිතයින් 2403 න් 1178 කට COVID-19 එන්නත් මාත්‍රා දෙකක් ද, ආසාදිතයින් 27 කට එක් එන්නතක් මාත්‍රාවක් ද ලබා දී තිබේ. මුළු ආසාදිතයින්ගෙන් 569 දෙනෙකුට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී නොමැති අතර 629 දෙනෙකුගේ එන්නත් තත්ත්වය  නොදන්නා බව පැවැසේ. 

 

මැයි 2 වන දින වාර්තා වූ COVID-19 මරණ තුනත‍් සමඟ ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4337 ක් බවට පත්ව තිබේ. Tokyo අගනුවරින් මේ දක්වා ආසාදන 1,444,208 ක් වාර්තා වී ඇති අතර එය ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිම සංඛ්‍යාව ලෙස සැලකේ.

103 Views

Comments