සෙන්ඩායි නගරය සුනාමියෙන් ආරක්ෂා  වීමට ස්වයංක්‍රීය ඩ්‍රෝන යානයක් භාවිතා කරයි.


Sendai නගරය සුනාමි වලින් ආරක්ෂා වීමට ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරයි

.

ඊසානදිග ජපානයේ Miyagi ප්‍රාන්තයේ Sendai City විසින් හදිසි නිවේදන පද්ධතියක් දියත් කර ඇත. එය ස්වයංක්‍රීය ඩ්‍රෝන යානයක් වන අතර එයින් නික්මෙන සුනාමි අනතුරු ඇඟවීම් ජනතාව වෙත නිකුත් කරයි. සඳුදා නගර නිලධාරීන් විසින් ඩ්‍රෝන යානයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රදර්ශනයක් පවත්වන  ලදී. 

 

J-ALERT රටපුරා හදිසි අනතුරු ඇඟවීමේ පද්ධතියට මෙම ඩ්‍රෝන යානය සම්බන්ධ කර ඇත. සුනාමි අනතුරු ඇඟවීමක් හෝ උපදේශනයක් නිකුත් කළ විට එය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වේ. 

 

බලධාරීන් පවසා සිටින්නේ ඔවුන් මෙම යානය භාවිත කරන්නේ ආපදා වලදී පවා බාධා ඇතිවීමට ඇති ඉඩකඩ ඉතාම අඩු විශේෂ සන්නිවේදන ජාලයකින් බවයි. සිදුවිය හැකි සුනාමියෙන් ඉවත් වන ලෙස ඉල්ලා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ලොව ප්‍රථම ඩ්‍රෝන යානය මෙය බවද ඔවුන් පවසා ඇත.

Comments