Tochigi ප්රාන්තයේ සිදුවෙන ස්ටෝබරි සොරකමක් පිළිබඳව ප්රාන්ත පොලිසිය මේ දිනවල පරීක්ෂණ සිදුකරමින් පවතී . මෙම සොරකම් මාලාවේ නවතම සංසිද්ධිය වන්නේ yen ලක්ෂ දෙකක් පමණ වටිනා Tochiotome strawberry තොගයක සොරකමයි.
පොලිසිය පවසන අන්දමට සොරුන් විසින් මෙම පලතුර මෙසේ සොරකම් කරනු ලබන්නේ ස්ට්රෝබෙරි සමය ළඟ ළඟම එළඹෙන හේතුවෙනි. පසුගිය ජනවාරි 29 වන දා Tochigi ප්රාන්තයේ Mibu නගරයේ ස්ට්රෝබෙරි වගා කරුවෙකු ඔහුට අයත් ඵලදාව ඔයා ගැනීමට යාමේදී කිලෝග්රෑම් 108 ක පමණ strawberry තොගයක් සොරකම් කොට ඇති බව දැන ගන්නා ලදී .
පොලිසිය පවසන ආකාරයට අදාල සොරකම 27 වන දින රාත්රියේ හෝ 29 වන දින උදෑසන සිදුවී ඇත. තව දුරටත් ඔවුන් පවසන්නේ ඉහල වටිනාකමකින් යුතු Tochiotome ස්ටෝබෙරි ප්රභේදය සොරකම් කිරීම් ගණනාවක් පසුගිය ජනවාරි මාසය පුරාම අවස්ථා කිහිපයකදී වාර්තා වී තිබූ බවයි.