යුක්‍රේනියානු සංගීත කණ්ඩායම ජපානයේ ප්‍රසංගයක් පවත්වයි.


ප්‍රසිද්ධ යුක්රේනියානු ගායිකාවක් ජපානයේ ප්‍රසංගයක් පවත්වයි

.

රුසියානු ආක්‍රමණයෙන් පසු ජපානයේ වාසය කිරීම සඳහා තම මව්බිමෙන් පලා ගිය සෙසු යුක්රේනියානුවන් සතුටු කිරීමට ජනප්‍රිය යුක්රේන සංගීත කණ්ඩායමක සාමාජිකයින් ජපානයට පැමිණ ඇත. 

 

ගායක ඔලෙක්සැන්ඩ්‍රා සරිට්ස්කා සහ කස්කා සංගීත කණ්ඩායමේ තවත් සාමාජිකයෙක් අඟහරුවාදා ටෝකියෝ හි පැවති උත්සවයකට සහභාගී වී ඇත. යුක්රේන ජාතිකයින් සහ තවත් අය 200ක් පමණ එය නැරඹීමට රැස්ව ඇත. 

 

සරිට්ස්කා පවසා සිටියේ යුක්රේනියානුවන්ට සහය දක්වන ජපානයේ ජනතාවට තම කෘතඥතාව දැක්වීමට අවශ්‍ය බවයි. ජපානය න්‍යෂ්ටික අවිවලින් පීඩා විඳි බවත් යුක්රේනය දැන් එවැනි ආයුධවලින් තර්ජනයට ලක්ව ඇති බවත් ඇය සඳහන් කළාය.

Comments