යැන්ගොන් බන්ධනාගාරයේ පිපිරීම්වලින් 8 දෙනෙක් මිය යයි.


යැන්ගොන් බන්ධනාගාරයේ පිපිරීමකින් පුද්ගලයන් ජීවිතක්ෂයට පත්වෙයි

.

මියන්මාරයේ විශාලතම නගරය වන යන්ගොන් හි බන්ධනාගාරයක සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. බදාදා උදෑසන ඉන්සයින් බන්ධනාගාරයේ පිපිරීම් දෙක සිදුවූ බවත්, 10 හැවිරිදි දැරියක් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු සහ පුරවැසියන් පස් දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 18 දෙනෙකු තුවාල ලැබූ බවත් හමුදාව පවසයි. 

 

බන්ධනාගාර ගොඩනැගිල්ල ඉදිරිපිට සහ රැඳවියන් සම්බන්ධ අමුත්තන්ට ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට අවසර දී ඇති කවුන්ටරයේ මෙම පිපිරීම් සිදුව ඇති බව හමුදාව පවසා ඇත. ත්‍රස්තවාදීන් බෝම්බ පාර්සල් පුපුරවා හැර ඇති බව හමුදාව පවසයි.

106 Views

Comments