සියලුම Keio දුම්රිය සජීවීව පරික්ෂා කිරීමට සැලසුම්


පසුගිය ඔක්තෝබර් මාසයේ  Keio දුම්රිය තුළ සිදු වූ පිහි ඇනුම් සිදුවීම හේතුවෙන්  එම සමාගම සියලුම Keio දුම්රිය

.

පසුගිය ඔක්තෝබර් මාසයේ  Keio දුම්රිය තුළ සිදු වූ පිහි ඇනුම් සිදුවීම හේතුවෙන්  එම සමාගම සියලුම Keio දුම්රිය මැදිරි තුල ආරක්ෂක කැමරා සවි කර ඒවා සජීවීව නිරීක්ෂණය කල හැකි ක්‍රියාවලියක්  2023 මාර්තු මස සිට  ක්‍රියාත්මක කිරීමට නියමිත බව දන්වා තිබේ .

 

එසේම එම දුම්රිය මැදිරි දුරස්ථ පාලනය කිරීමේ  පද්ධතියක් ද ඔවුන් සැලසුම් කොට තිබේ . යම් හෙයකින් එම දුම්රිය තුළ  කිසියම් හෝ හදිසි තත්ත්වයක් ඇති වුණහොත්  දුම්රිය මගීන්ට ස්වයංක්‍රීයව දුම්රිය විවෘතවන තෙක් නොඉඳ  ඔවුන් විසින් දුම්රිය ද්වාර විවෘත කර ගැනීමේ හැකියාව ද මෙම පද්ධතිය තුළ සැලැස්වීමට බලාපොරොත්තු වේ . 

 

එම සමාගම තවදුරටත් පවසා තිබුනේ  මේ මස සිට එම පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව  රූප සටහන් මගින් මගින්ව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව පුහුණුවීම් ලබා දීමට බලාපොරොත්තු වෙන බවත්ය.

Comments