අලාභ හානි ඉල්ලා සිටි නඩුවේ අභියාචනය ඉල්ලා අස්කර ගත් ජපාන අවන්හල් ජාලය


ජපාන රජයෙන් වන්දි ඉල්ලූ අවන්හල් එම ඉල්ලීම අස් කර ගනී

.

COVID-19 ව්‍යාප්තිය අවම කිරීමේ උත්සාහයේ එක් පියවරක් ලෙස නගරයේ ව්‍යාපාරික ස්ථාන විවෘත කර තැබෙන වේලාවන් අඩු කිරීමට පියවර ගන්නා ලෙස Tokyo අගනගර රජය විසින් මීට පෙරදී සිදුකළ නියෝගය හේතුවෙන් තමන්ට සිදුවූ අලාභය පියවන ලෙස පවසමින් අගනගර රජයට එරෙහිව ගොනු කර තිබූ උසාවි නඩුවේ අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට තමන් ක්‍රියා කළ බව අඟහරුවාදා දින නිවේදනයක් නිකුත් කරමින් Tokyo නගරයේ අවන්හල් දුසිම් ගනනක් පවත්වාගෙන යන Global Dining Inc. හි ක්‍රියාකරු ප්‍රකාශ කළේය . 

 

"නියෝගය කළ ටෝකියෝ ආණ්ඩුකාර Koike Yuriko වරදක් කර නැත. ඔහුගේ හරස් ප්‍රශ්න ඇසීම හමුවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට වැඩි ඉඩක් ඇති බැවින් ආපනශාලා ක්‍රියාකරු තම අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර ඇති බව" පැමිණිලිකරුගේ නීතීඥයා වන Rintaro Kuramochi විසින් Tokyo හි පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය .

 

අඟහරුවාදා දින Tokyo මහාධිකරණයේ පැවති පළමු වාචික ක්‍රියාදාමයේදී, ආණ්ඩුකාරවරයාගේ පරීක්ෂණය “අනවශ්‍ය” බවට අගනගර රජය ප්‍රකාශ කළ අතර, Tokyo දිස්ත්‍රික් උසාවිය විසින් පසුගිය මැයි මාසයේ දී ලබා දුන් නියෝගය නීතිවිරෝධී බව පෙන්වා දෙමින් ගොනු කර තිබූ මෙම අභියාචනය ඉල්ලා අස් කර ගැනීම නිසාවෙන් නඩුව මෙලෙසින් අවසන් විය.

113 Views

Comments