ජපානයේ අධිරාජ්‍යයා සහ අධිරාජිනිය 2019 දී අධිරාජ්‍යයා සිංහාසනාරූඪ වීමෙන් පසු ප්‍රථම වරට ඔකිනාවා හි දකුණු ප්‍රාන්තයට ගොස් ඇත. ඔවුන් එහිදී යුද්ධයෙන් මියගිය අයට උපහාර දක්වා ඇත. නරුහිතෝ අධිරාජ්‍යයා සහ මසකෝ අධිරාජ්‍යයා මෙය සඳහා සෙනසුරාදා ඔකිනාවා වෙත ගොස් ඇත.
ඉම්පීරියල් යුවළ ඉටෝමන් නගරයේ සාම අනුස්මරණ උද්‍යානයට ගොස් ඇත. දෙවන ලෝක සංග්‍රාමයේ අවසාන දිනවල ඔකිනාවා හි ජපන් සහ එක්සත් ජනපද හමුදා අතර අවසාන දරුණු ගොඩබිම් සටන පැවති ස්ථානය වූයේ මෙම නගරයයි.
යුද්ධයෙන් මියගිය අය වෙනුවෙන් ජාතික සුසාන භූමියේදී යුවල යාඥාවන්ද පුෂ්පෝපහාරද පවත්වා ඇත. ඔකිනාවා සටනේදී මියගිය 180,000 කට වැඩි පිරිසකගේ දේහයන් මෙම සුසාන භූමියේ තබා ඇත.